තෙල්, විදුලිය, වරාය සේවකයෝ තැන් තැන්වල විරෝධයේ


(රංජන් කස්තුරි)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයිනගේ පිරිසක් අද (3) කොළඹදී දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

ලංකා විදුල්බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට එම විරෝධතා පැවැත්විණ.

රට පුරා විවිධ ස්ථානවල සේවයකරන විදුලි සේවකයෝ සේවයෙන් ඉවත්වී අද පෙරවරුවේ කොළඹ කොටුව ලංවීම මූලස්ථානය ඉදිරිපිටට රැස්වූහ.

ලංකා විදුලි සේවක සංගමය, ලංවීම වෘත්තීය සමිති සහ ලවීම ඉනජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එම විරෝධතාවලට එක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)