තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානිය අවම කරන්න නාවික හමුදා සහය


මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට  තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ පාරිසරික මෙහෙයුම  නාවික හමුදාව සහ ඛනිජ තෙල් නීතීගත සංස්ථා  උපදෙස් මත වෙරළාරක්ෂක  දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.


ඊයේ (09) රාත්‍රියේදී  නෞකාවකින් කලු තෙල් ගොඩ බාමින් සිටියදී මුතුරාජවෙල බෝයේ නලයක මෙම කාන්දුවීම හටගෙන  තිබු අතර කාන්දු වු තෙල් මුහුදට එක් වෙමින් පැවතියේය. එය  පාලනය කිරීමට වහා පියවර ගත් නාවික හමුදාව ඇතුළු පිරිස්  මුහුදට එක්වු තෙල්  ඉවත් කර  සිදු වන හානිය නැවැත්වීම සඳහා මේ වන විට කටයුතු යොදමින් සිටී.


පසුගියදා ජපන් රජයෙන් ලැබුණු සමාරක්ෂා, සමුද්‍රරක්ෂා යන නෞකාද  ඒ සඳහා යෙදවීමට කටයුතු කර ඇත.


සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරින්ගේ ස‍හයෝගය ලබා මේ සඳහා ලබාගෙන ඇති අතර,  මෙහෙයුම සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක නිලධාරින් 300 කට අධික පිරිසක් සහභාගීවි සිටින අතරඔවුහු ඉතා යුහුසුළුව තෙල් ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටිති.


(36698)