තෙල් බැරලයක් ගෑස් සිලින්ඩරයක් ඔසවාගෙන දකුණු පළාත්සභා රැස්වීමට එති


 

( ඩී.ජී.සුගතපාල - සුමතිපාල දීයගහගේ සහ ජේ.කේ.එල් චාමින්ද )


දකුණු පළාත්සභා රැස්වීම අද (25) පැවති අවස්ථාවේ තෙල් මිල සහ ගැස් මිල වැඩි කිරිමට විරෝධය පල කරමින් මන්ත්‍රිවරු  දෙදෙනෙකු තෙල් බැරලයක් ද ගෑස් සිලින්ඩරයක්ද ඔසවාගෙන පැමිණියහ.

ආරියවංශ සම්මු මන්ත්‍රිවරයා තෙල් බැරලයක් කරේ තබාගෙන පැමිණි අතර බද්දේගම සමිත හිමියන්   හා ඒ.ජි.සි.පියසිරි  යන මන්ත්‍රිවරු ද සම්මු මන්ත්‍රිවරයා සමඟ පැමිණියහ.

මන්ත්‍රිවරුන්ට ඒවා ඔසවාගෙන සභා ගර්භයට ඇතුලුවිමට ඉඩ නොලැබිණි. පසුව ඔවුන් ඒවා සභාවෙන් පිටත තබා සභා රැස්වීමට සහභාගිවූහ.


සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදි රැස්වීම පැවැත්විණි.

(ඡායාරූප ජේ.කේ.එල් චාමින්ද)