තෙල් මිල වැඩිවීමට එරෙහිව කරත්තෙන් යති


රවී ලියනගේ 
 
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරුන් හා  හික්කඩුව නගර සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැවැත්වු විරෝධතාවයක් අද (11)  රත්ගම නගරයේදී  පැවැතිවිණි.

 
විරෝධතා පුවරු  රැගත් මන්ත්‍රීවරුන්  පාපැදිවලින්  ගාලු පාර ඔස්සේ ගමන් කළහ. මේ අතර  දකුණු පළාත් සභා මන්ත්‍රී  සම්මු ආරියවංස  මහතා තිරික්කලයක  නැග ගමන් කරමින් මෙම විරෝධතාවයට එක්ව සිටියේය.
 
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතාද අද සවස ගාල්ල නගරයට පැමිණියේ තිරික්කලයක  නැග තෙල් කවි කිහිපයක් ගායනා කරමිනි.