තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි


(ඩයනා උදයංගනී)

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ තුන්වන කුඹල් පෙරහැර ඊයේ (15) වීදි සංචාරය කළ අතර එහි සධාතුක කරඬුව වැඩම වූ හස්තිරාජයා ඇතුළු දෑලේ ඇතුන් දේශීය බතික් ඇඳුමින් සැරසී ගමන් කිරීම විශේෂත්වයක් විය.

මහනුවර දළඳා පෙරහැරේ තුන්වන කුඹල් පෙරහැරෙහි සධාතුක කරඬුව වැඩමවූ ඇතුන් මෙසේ දේශීය බතික් ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් ගෙන ඇත්තේ වසර 30කට පමණ පසු බව බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙය සිදුකෙරුණු අතර දේශීය රෙදි උපයෝගී කරගනිමින්, දේශීය බතික් කරුවන් ලවා වර්ණ ගන්වා මෙම ඇඳුම් නිර්මාණය කර තිබිණි.

ඒ අනුව තුන්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවූ දළඳා මාළිගාවේ සිංහ රාජා හස්තියා සහ දෑලේ ගමන් කළ බුරුම රාජා සහ කන්ඩුල යන හස්තීන් මෙලෙස බතික් ඇඳුමෙන් සැරසී පෙරහැරේ ගමන් කළ ඇතුන් වේ.