තේ තහනම ඉවත් කළාට වතු කම්කරුවෝ සතුට පළකරති


(ප්‍රසාද් රුක්මල්)

ශ්‍රී ලංකාවට පනවා තිබූ තේ අපනයන තහංචිය ඉවත් කර යළි ලංකාවේ තේ මිලදී ගැනීමට රුසියා රජය එකඟවීමේ සතුට සමරමින් ලංකා කම්කරු කොංග්‍රසයට අයත් බදුල්ල වතුකම්කරුවන් පිරිසක් අද(28) ඌව පළාත් සභාව ඉදිරිපිට දී සතුට සැමරීමේ නිරත වූහ.

විවිධ පාඨ සහිත පුවරු ඔසවමින් ඔවුහු දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ඡායාරූප අතැතිව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් රජයටත් රුසියන් රජයටත් සිය ස්තූතිය පළ කළහ.