දංකොටුවට මොණරු ඇවිත්


(හේමලතා ඩී හේවගේ)                                                

දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝගියානල දික්වෙල, ගල්වකල සෙන්දිරියාමුල්ල ඇතුඵ ගම්මාන රැසක මේ දිනවල සැරිසරන 40 කට ආසන්න ලොකු කුඩා මොණරු  රෑනක් ප‍්‍රදේශයේ ජනතාවට දැක ගැනීමට හැකි වී තිබේ.  
                      
එම සතුන්ට  කිසිදු කරදරයක් හා හිරිහැරයක් නොවීම හේතුවෙන් වනාත්තර සහිත ප්‍රදේශවල ජීවත්වු මෙම සතුන් ජනතාව ගැවසෙන සහ වාසය කරන ඇතැම් නිවෙස් අසලට සහ වහළ මතට ද ආහාර සොයා පැමිණීම ද විශේෂත්වයකි.