දංකොටුවේ තෙල් බවුසර් දෙක රේගුවට රැගෙන යයි


(හේමලතා ඞී හේවගේ)

දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විදේශ රටකින් ආනයනය කරන ලද පොල්තෙල් බවුසර්  දෙක අද (31) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි පොලිස් රැුකවල් මැද ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව දංකොටුව පොලීසිය පවසයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකපිට මෙම බවුසර් පොලිස් බාරයට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් මෙම බවුසර් දෙක වත්තල එඬේරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් වන අතර එහි අඩංගු පොල්තෙල් ඉන්දුනීසියාවෙන් ආනයනය කළ ඒවා බවට තොරතුරු අණාවරනය වී ඇති බවත් පොලීසිය කියයි.