දක්ෂිණ අධිවේගයේ අනතුරු තුනක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11ක් ඇතුළ තුළ අද (14) දවසේ ස්ථාන තුනක සිදු වූ අනතුරු තුනකින් වාහන 12කට හානි සිදුවී එක් අයකු තුවාල ලබා ඇතැයි පොසිය කියයි.

කිලෝ මීටර් 19 සහ 30 අතර ස්ථනවල මෙම අනතුරු තුනම සිදුව තිබේ.

එක් ස්ථානයක වාහන 12ක් ද තවත් ස්ථානයක වාහන හතරක් හා තවත් ස්ථානයක වාහන තුනක් වශයෙන් ගැටී ඇතැයි පොලිසිය පවසයි. 

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ පැය ගණනක් දැඩි වාහන තදබදයක් පවතී. අද දින විශාල පිරිසක් කොළඹින් පිටවන අයුරු දැක ගත හැකි විය.