දක්ෂිණ ප්‍රධාන සංඝනායක මැටරඹ නාහිමිට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ


(සිරංගිකා ලොකුකරවිට, ඩී.ජී.සුගතපාල)

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ ශ්‍රී හේමරතන නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) සවස මැටරඹ යටගල රාජමහා විහාරයේ දී සිදුකෙරිණි. විජිනිපත ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.

එම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.