දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හදන්න බෑ වගෙයි


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටීම හේතුවෙන් නැවතත් දඹුල්ල ආර්ථික මධ්‍යාස්ථානයට පැමිණෙන බොහෝ දෙනාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකින් පත්ව තිබේ.
 
දඹුල්ල මහ නගර සභාව , සෞඛ්‍ය   අංශ ආර්ථික ම්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් පොලිසිය ආරක්ෂක නිලධාරීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බොහෝ දෙනා ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරුවද එයින් පළක් නොවී ඇතැයි දැකගන්නට  ඇත.
 
දඹුල්ල මහ නගර සභාව සහ වෙළෙඳ සංගමය එක්ව ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයෙකුගේම දුරස්ථ  මානයකින් ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමකින් පසුව ඇතුළත් කර ගැනීම සිදුකරනු ලබයි .
 
එහෙත් බොහෝ දෙනා ඊට එකග නොවී එම ස්ථානවලින් ඇතුළත් වන බව ද දැක ගැනීමට හැකි විය.
 
මුඛ ආවරණ පැළඳීම කින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටන සියලු දෙනා 24 දින සිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවන බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරැවුල මහතා පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටින පුද්ගලයන් සිටින වෙළඳ සැල් දින දෙකක කාලයක් වසා දැමීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව ව්‍යාපාරිකයින්  දැනුවත් කිරීම වෙළෙඳ සංගමයේ සභාපති වරයා විසින් අද(23 )දින  සිදු කරනු ලැබීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු මිල දී ගැනීම සඳහා පිරිස් පැමිණෙමින් සිටිති .
 
එමෙන්ම එළවළු අලෙවි කිරීම සඳහා ද දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල වලින් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට  විශාල වශයෙන් මේ දිනවල පැමිණෙමින් සිටිති..