දඹුල්ලේ අලුත් සහල් මංගල්‍ය


(කාංචනකුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍ය දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැත්විණි .

ගොවීහු තම වගාවේ අග්‍රඵලය පෙරහරකින් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට රැගෙන විත් එම ස්ථානයේ තබා ඇති විශාල පාත්තරයකට දැමීම සිදු කළහ.

මෙම ස්ථානයේ එකතු කරන ලද සහල් ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟ පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා යොමු කරන බව දඹුල්ල ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර මහතා පවසයි.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙන්ම ගොවිඡන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, ගොවි සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වුහ.