දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීමට එක්වෙති


(ඡායාරූප - ශාන්ත රත්නායක)

වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය එළිදැක්වීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් කොළබ වෝටර්ස් එජ් හි දී අද(2) පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වයට අත්සන් තැබුණු අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  ටීම් සුටෝන් මහතා ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික, පෞද්ගලික සංවිධාන රැසක පිරිසක් එක්ව සිටියහ.