දවුල්දෙන මහ නාහිමියෝ දැයෙන් සමුගනිති


(ඡායාරූප - තරංග පෙරේරා)

අපවත්වී වදාළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහ නායක හිමියන්ගේ දේහය සහිත චිතකයට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ දී අද(6) සවස ගිනි දල්වනු ලැබිණි. 

පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ හා ජනපති, අගමැති ඇතුළු දේශපාලන නායකයින් රැසකගේ අවසන් බුහුමන් මැද මහ නාහිමියෝ ජාතියට සමු දුන්හ.