දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි


(චමිල් රුපසිංහ)

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14) පෙරවරුවේදී දළදා මාළිගා පරිශ්‍රයේදි සිදු කෙරිණි.

අද සිට මාළිගාවට ගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට මාළිගා පරිශ්‍රයට ඇතුළු  වීමේදි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල්වට්ටියක් ලබා දිම සිදු කෙරෙන අතර දළදා මාළිගාවේ ඇති කසල දමන බඳුන් සියල්ලම දේශිය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබිම විශේෂත්වයකි.

දිනකට අපද්‍රව්‍ය ටොන් 3 ක් පමණ දළදා මාළිගා වේ එකතුවෙන බවත් දළාදා මාලිගා පරිශ්‍රයට අද   සිට පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම තහනම් වන බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල මහතා පැවැසිය.

පරිසරයට හිතකර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි හා බෝතල් සඳහා පමණක් රැගෙන එන ලෙසද දියවඩන නිලමේවරයා කියා සිටියේය.

මෙම වැඩසටහනේ නිර්මාතෘ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද අද එහි පැමිණ සිටියේය.