දැඩි සුළඟකින් පුත්තලමේ නිවාස වලට හානි


හිරාන් ප්‍රියංකර ජයසිංහ , රෝවන් පෙරේරා සහ ජුඩ් සමන්ත
 
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ  මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා  ( 9 )  හමා ගිය   සුළගකින් නිවාස 20 කට පමණ  හානි සිදුවී තිබේ.
 

වැස්සත් සමග හමා ගිය මෙම සුළි සුළගින් පොල් අතු සෙවිලි කළ නිවාසවල මෙන්ම  උලු ,තහඩු , ඇස්බැස්ටෝ වහල ද සුළඟින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබිණි.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

ඡායාරූප - රෝවන් පෙරේරා