දැදුරු ඔයේ වැලි ජාවාරම ජයටම


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නවතා දමන ලද දැදුරු  ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම දේශපාලන හයියෙන් නැවතත් ජයටම කෙරෙන බව මිහිසර පරිසර සංවිධානය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ රාත්‍රී කාලයේදී එය ක්‍රියාත්මක වන බවයි.

එය නැවත්වීමට මැදිහත් වන්න‘යි ඉල්ලමින් බංගදෙණිය මිහිසර පරිසර  සංවිධානය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වන්නේ  2006 වසරේ ‍ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු අංක SCFR 226 / 2006 යටතේ ගොනු කර තිබු නඩුවේ පලමු වගඋත්තරකරු ලෙස  එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබු බවයි.