දෑස නොපෙනෙන සරසවි දියණියෝ ජනපති හමුවෙති


(එච්. චන්දන )
 
පුත්තලම - මුන්දලම සිංහල මහා විද්‍යාලයේ   ඉකුත් වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගෙන විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත්  දෑස් නොපෙනෙ සහෝදරියෝ දෙදෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.


පුත්තලම - මදුරන්කුලිය  ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමන්  හමු වීමට දරුවන් ඉල්ලීමක් කළ බව, විද්‍යාලයේ විදුහල්පති බළධාරින්ට දැවුත් කිරීමෙන් පසුව එම දැරියන්ට එම අවස්ථාව හිමි විය.  


බත්තුල්ඔය - පිංකට්ටිය ප්‍රදේශයේ  පදිංචි සදුනි කේසලා හා රුක්ෂාණි කේෂලාය යන අන්ධ දරුවන්ට අවශ්‍ය දැ පිළිබඳව තොරතුරු කඩිනමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදීමට කටයතු කරන ලෙස ජනාධිපත් තුමා මෙහිදී බලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.