දිවියෝ දෙදෙනෙක් එකම තැන මදුවලට අසුවෙති



(ශාන්ත චන්ද්‍රසිරි)
 
කොත්මලේ, හෙල්බොඩ වතුයායේ එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි දිවියන් දෙදෙනෙකු අද (23) සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
 
මදුවලට හසුව සිටි මෙම දිවියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නා විටත් මිය ගොස් සිටි බවත්, අනෙක් දිවියා තුවාල ලබා ඇති බවත්  ඔවුහු කියති.
 
මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් දිවියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ  කර තිබේ.
 
දඩයක්කරුවන් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම දිවියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
 
උඩරට වතුකරය ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දිවියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙකුද වු බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

පින්තූර - හෙල්බොඩ වතුයායේ මදුවට හසුව මිය ගොස් සිටි කොටියා