දීඝවාපි දාගැබේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසයට අයත් රාජ්‍ය ලංඡනයක්


(කුමාර සී .ලියනආරච්චි)

දීඝවාපි දාගැබේ දකුණු වහල්කඩින් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බවට කියවෙන රාජ්‍ය ලාංඡනයක් මතුව වු බව පුරා විද්‍යා දෙපාරත්මේන්තුවේ දීඝවාපි ස්ථානභාර නිලධාරි එම්.කේ.සි කුමාර මහතා පවසයි.

දීඝවාපි දාගැබේ දැනට සිදුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමිව 2020 වර්ෂයෙදි කැණිම් ආරම්භ කළ අතර එහිදි දකුණ වහල්කඩ සිදු කළ කැනිම්වලදි රන් කරඩු සහිත මංජුසාවක් සහ ලොහයෙන් නිර්මාණය කරන ලද කුඩා දා ගැබක් බදු පුරා වස්තු මතු කර ගනු ලැබිණ.

එහිදි රන්කරඩු තුනක් තැන්පත් කර තිබු සර්වඥ ධාතුන් වහන්සෙලා සහිත මංජුසාව පමනක් අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි කැණිම සිදු කරන ලදි.

කොරොනා උවදුරත් සමග එම කැනිම් නවතා දැමිමට සිදු වු අතර දෙවන අධියර යටතේ ලෝහයෙන් නිර්මාණය කර තැනපත් කර තිබු දැගැබක් ආකාරයෙන් වු පුරාවස්තු නැවත වරක් අම්පාර දිසාලේකම් කාර්යාලයෙදි පසුගිය දින කිපය තුල පරික්ෂා කිරිම් ආරම්භ කරන ලදි. පාත්තරයක් වැනි කොටස දිරාපත්ව තිබු අතර එම කැනිම් සිදු කිරිම ඉතා අසිරු කරුණක් විය.

මෙම පරික්ෂන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින් සිදු කරන ලදි.