දුම්රිය ගමන් කළත් ජනතාව නෑ


(අනීෂා මානගේ)

ඇඳිරි නීතිය අද(28) අළුයම 5.00ට තාවකාලිකව ඉවත් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් මගීන් ඉතා සුළු පිරිසක් පමණක් දුම්රියෙන් ගමන් කළ ආකාරය දක්නට හැකිවිය.

අද පෙරවරු 6.00ට බෙලිඅත්තේ සිට ඉඳුරුව දක්වා පමණක් ධාවනය කිරීමට එක් දුම්රියක් යොදවා තිබිණ.

සෑම දුම්රිය මැදිරියක් සඳහාම යුද හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබිණ. 

කෙසේ වුවද මගීන් 14 දෙනකු පමණක් මෙම දුම්රියෙන් ගමන් කළහ.