දුම්රිය වර්ජනය නිසා මගීන් අසීරුවේ


(තිලකරත්න දිසානායක, රංජිත් රාජපක්ෂ)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ කිහිපයක කාර්ය මණ්ඩල විසින් අරඹා තිබු වර්ජනය හේතුවෙන් අද (8) දිනයේද මගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවී ඇත.

දුම්රිය ස්ථානය සහ ප්‍රවේශපත් කවුළු වසා තිබු ආකාරයක් ගම්පහ දුම්රිය ස්ථානයේ දැකගත හැකිවු අතර වෙනදා මෙන් නොව දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන්ගේද අඩුවක් දක්නට ලැබිණි. මේ අතර ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරීන්ද යොදවා සිටි ආකාරයක්ද පෙනෙන්නට තිබිණි.

මේ අතර හැටන් දුම්රිය ස්ථානයේ ප්‍රධාන පාලක මැදිරිය අද මුද්‍රා තබා තිබෙනු දැකිය හැකි විය.

වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව, මරදාන ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන සියල්ලක්ම පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකිය.

(ඡායාරූප - තිලකරත්න දිසානායක)

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)