දුම්රිය වෙළඳුන්ගේ උද්ඝෝෂණයක්


(ගයාන් අමරසේකර)

දුම්රියන් වල වෙළදාම් කරන වෙළදුන්ට පවතින රජය යටතේ  එම වෙළදාම තහනම් කිරිමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සංවිධානය අද (9) කොළඹ එක්සත් ජාතීන්ගේ ශ්‍රී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.

දුම්රියවල වෙළදාම් කරන වෙළඳුන් අල්ලා  ඔවුන්ව උසාවියට ඉදිරිපත්  කර දඩ  ගසන බවත් පැවතුන රජය යටතේ    රැකියාවට හැඳුනුම්පතක් සහ ජැකට්ටුවක්  ලබාදී රැකියාව ස්ථාවර  කළ බවත් දැන් එවැන්නක්  සිදු නොවීම නිසා  එයට විරෝධය දක්වන බවත් සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ  කාර්යාලයට හා ජනපති  නිවසට සංදේශයක් ද බාරදුන්නේය.