දුම්රිය සංගම් කිහිපයක වර්ජනයෙන් මගීන් අමාරුවේ


(ලහිරු හර්ෂණ)

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස  අති විශේෂ  ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත්කර තිබියදීත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ(27) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක  නිරතව සිටිති.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ජනය කි‍්‍රයාත්මක වුවද, අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බවයි.
 
කැලණිය දුම්රිය ස්ථනය අද (28) උදෑසන දිස්වූයේ මේ ආකාරයෙනි. පවතින වර්ජනය  හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවට ලක් වූහ.

(කැලණිය දුම්රිය ස්ථානය)


(මඩකලපුව  දුම්රිය ස්ථානය - ඡායාරූප ජවුෆර් ඛාන්)

(හැටන් දුම්රිය ස්ථානය - රංජිත් රාජපක්ෂ)