දුරකතන සංඥා සොයමින් දුර කතර ගෙවා කඳු තරණයේ


 

(ලසන්ත නිරෝෂණ පෙරේරා)
                                                                                                         

අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු සිදු කිරිමට කන්දක් නැග  දුරකතන සංඥා සොයා යන පාසල් දුදරුවන් සිටින ගමක් පිළිබඳව බලන්ගොඩ මොළමුරේ ප්‍රදේශයෙන් වාර්තා වේ.


කිලෝමිටරයක් පමණ කැලෑවක් ඔස්සේ දුර ගොස් කන්දට නැග දුරකථනවලට සංඥා ලබා ගැනිමට මෙම දරු දැරියෝ අපමණ වෙහෙසක් දරති.


රක්ෂිත වනාන්තරයක් මැද පිහිටි කදු මුදුනේ මෙම සිසුන් වෙනුවෙන් තාවකාලිකව අතු සෙවිලි අට්ටාලයක් ද  දෙමාපියන් සකසා තිබේ. මේ දිනවල පවතින අධික වැසිද ඔවුන්ගේ ඉගෙනුමට බාධාවක් වන නිසා මව්පියන් එසේ සිදු කර ඇත.


අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම කරන  පන්ති රාත්‍රි කාලයේදී ත් පැවත්වෙන නිසා මෙම දුදරුවන්  රාත්‍රියේදිත් කදූ මුදුනේ ඇති කැලෑවට   යාම ඔවුන්ගේ ආරක්ෂාවට ඇත්තේ තර්ජනයක් බව මව්පියෝ පවසති.
                                                                                                         

පාසල් දු දරුවෝ 200 දෙනෙක් පමණ මෙම ප්‍රදේශයේ සිටිති .එමෙන්ම නිවෙස් වල සිට රැකියා කිරිමට සිදුව ඇති  වැඩිහිටියෝද දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් සමග නිතර දෙවේලේ කඳු මුදුනට යති.                                                                                                                                         

කඩිනමින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන මෙන් ගම්වාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.