දූෂණය පරදන්න ජවිපෙන් සමුළුවක්


ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දූෂණය පරදන ජවය‘ පළාත් පාලන අපේක්ෂක ජාතික මහා සුමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්විණි.
 
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී  පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ඡන්ද අපේක්ෂකයෝ විශේෂ ප්‍රතිඥාවක් දුන්හ. දූෂණය, හොරකම නතර කර යහපත් පාලනයක් ඇති කරන බවට ඔවුහු ප්‍රතිඥාදුන්හ.
 
ඡායාරූප චතුර එස් කොඩිකාර