දෙවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි


චමිල් රුපසිංහ
 
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ  දෙවැනි රන්දෝලි පෙරහර අද (22) දින රාත්‍රී 7 පසුවී විනාඩි 02 ට දකුණු දිශාභිමුඛව ගමන් ඇරැඹීය.

 
 ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය),ඩී එස් සෙනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඩී.එස් සේනානායක වීදිය  , කොළඹ වීදිය ( ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය ) , යටිනුවර විදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
 
මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම  රාජා සමඟ මියන් රාජා ගමන් කළහ.
 
පෙරහර මංගල්‍යයේදී “රන්දෝලිය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ සතර මහා දේවාලයන් හී දේවාභරණ ඒ ඒ දෝලාවල් වල රැගෙන යන බැවිනි. පැරනි රජ සමයේදී මෙම දෝලාවන් දෙපස රාජ බිසෝවරුන් හා රාජ කුමාරිකාවන් ගමන් ගත් අතර වර්ථමානයේදී ඒ ඒ දේවාල වල ආලත්ති අම්මාවරු ගමන් ගනිති.