දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක්


(රොමේෂ් මධුෂංඛ)

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් උතුරු පළාතෙන් අත්සන් ලක්ෂයක් ලබා ජනාධිපතිතුමන්ට බාර දීමට පියවර ගෙන ඇත.

යාපනය සරසවියෙන් අදාල අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර අද (24) සිට ඉදිරි දින කිහිපය පුරාම උතුරු පළාතේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි සාමාන්‍ය ජනතාවගෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක් ගැනීම ආරම්භ කොට ඇත.

මෙම අත්සන් ගැනීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් පෙන්වා දෙන්නේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකුරුවන් වහාම නිදහස් කළ යුතු බවටත්ය.

අදාල කරුණු මුල් කරගෙන පසුගිය 20 වනදා සිට 25 වනදා දක්වා යාපනය විශ්වවිද්‍යාල සියුලුම සිසු සිසුවියන් පංති වර්ජනයක්ද ක්‍රියාත්මක කොට ඇත.