දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක්


(ජයමාල් චන්ද්‍රසිරි)

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් උපවාසයේ යෙදෙන තිදෙනාගේ ඉල්ලීම් ඉටු කරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් අද(23) කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය මෙය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ අයෙක් අඩ නිරුවතින් පොතක් ද අතැතිව සිය විරෝධය පළ කිරීම විශේෂත්වයක් විය.