දේශපාලනයේ තිත්ත ඇත්ත


(බදුල්ලේ පාලිත ආරියවංශ)
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි යන්න ප්‍රකට කතාවකි. දේශපාලනය කරන සියලු දෙනා අතරේ එක්වීම්, වෙන්වීම්, විරසකවීම්, නැවත ලංවීම් අමුතු දෙයක් නොවේ.

එක් එක් දේශපාලන මතිමතාන්තර අනුව බෙදී වෙන්වී සිටින්නේ ජනතාව පමණි. දේශපාලනයේ නිරත වන්නන් තමන්ගේ ප්‍රතිවාදියාට පහර ගසමින් ජනතාව ඉදරියේ විරසකවීම් මවා පෑවත් ඔව්හු එකට එක්ව කති, බොති, ප්‍රීති වෙති. දේශපාලනයේ කටුක යථාර්ථය එයයි.

බදුල්ලේ හෝටලයක පැවැති සාදයකදී  ඒකාබද්ධ විපක්ෂයේ   උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස , 16 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් පෙරේරා සහ ඌව මහ ඇමති  චාමර සම්පත් දසනායක යන මහත්වරු සිය දේශපාලන මතවාද අමතක කරදමා අවස්ථානුකූලව විනෝද වෙමින් සිටියේ මෙසේය.