දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක


(ජයමාල් චන්ද්‍රසිරි)

දිරි දීමනා කප්පාදුව නවතන ලෙසත් දීමනා ගෙවීම් කඩිනම් කරන ලෙසත් ඉල්ලමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

සටන් පාඨ කියමින් විරෝධය පළ කළ ඔවුහු ප්‍රධාන කාර්යාලයේ සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කළද පොලිසිය මාර්ග බාධක යොදා ලෝටස් පාරේදී ඔවුන් නතර කරනු ලැබීය.