ධාවනය වෙමින් තිබූ බසයේ රෝදයක් ගැලවී විසිවෙයි



නිශාන්ත කුමාර
 
පාසල් දරුවන් ඇතුළු 80කට ආසන්න මගී පිරිසක් නංවාගෙන බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් අද (10) මීගහකිවුල 15 කණූව ප්‍රදේශයේ දී හිටිහැටියේම ගැලවී ඉවතට විසිවීමෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.


ධාවනය වෙමින් තිබූ බස් රථයේ දකුණු පස ඉදිරි රෝදය එහි ඇක්සලය හා තවත් යාන්ත්‍රික කොටස් කීපයක් ද සමඟ එක්වරම ගැලවී විසිවීමෙන් මෙම අනතුර සිදුවී ඇත.


බස් රථයේ මෙම කාර්මික දෝෂය  එක්වරම මතුවී ඇති අතර මෙම අනතුර මාර්ගය අතරතුර පිහිටි පල්ලම් සහිත මාර්ග කොටසකදී හෝ ජලාශයක් අසලදී සිදුවූවේ නම් අනතුරින් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව මගීහු පැවසුහ.