ධිවරයින් මුහුදු යන්න විදින දුකක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)


මුහුදු රළු වීමත් සමඟ ධිවරයින් මුහුදු යාමට ගත් උත්සහයක් මෙසේ කැමරාවේ සටහන් වුයේ උඩප්පු මුහුදු තිරයේ දීය

පවතින දැඩි සුළං පවා නොතකමින් තම යාත්‍රාව දැඩි පරිශ්‍රමයකන් තවත් ධිවරයින් පිරිසකගේ ආධාරයෙන් දියඹට දියත් කරන්නට මෙම ධිවරයින් විනාඩි 45 ක පමණ කාලයක් මහත් වෙහෙසක් ගත්තේ වෙරළ කරා පැමිණෙන දැවැන්ත රළ පරයමින් තම දරුමල්ලන් ජීවත් කරන්නටය .

මේ දිනවල පුත්තලම සිට මන්නාරම දක්වා මුහුදු තිරයේ පවතින අධික සුළං තත්වයද නොතකා තම ජීවිතයද පරදුවට තබා මසුන් මරන්නට යන ධිවරයින් ගේ දුක්මුසු කථාව මසුන් රස කර ආහාරයට ගන්නා බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.