නකල්ස් කන්දෙන් කඩාහැලෙන දිය ඇළි කොමළියන්


( එච්.චන්දන )

 
දුම්බර මිටියාවතේ -  නකල්ස් කඳුවැටිය පාමුල ඇති දිය ඇළි මේ දිනවල අලංකාරයෙන් ගලා බසිනු  අයුරු දක්නට  ලැබේ.
 
මහනුවර සිට  මඩවල පන්විල හරහා නකල්ස් ආසන්නයේට යන අයට , මේ දිය ඇළි දැක ගක හැකිවේ.
 
නගරය මැදින් ගලා බසින හුළුගග දිය ඇල්ල,  හාගල ප්‍රදේශයේ ගලා බසින ජෝඩු දිය ඇල්ල, බඹරැල්ළ  ප්‍රදේශයේ ගලා බසින සාරි දිය ඇල්ල  මේ සුන්දරත්වය විදහා පායි.
 
 නකල්ස් කඳු මුදුනෙන් පටන් ගන්නා මේ සියලු දිය ඇළි අවසානයේ මහවැලි ගඟට එකතුවේ.