නන්දිමිත්‍ර සමග ගැටී ගැමුණු ඉතිරි දළයත් කඩාගනී


(කේ ඩි දේවප්‍රිය )

යාල වනයේ සිටින ගැමුණු ඇතාගේ දළ යුගළයෙන් එක් දළක් මෙයට වසර දෙකකට පෙර කැඩි ගොස් තිබු අතර තනි දළයකින් පසු වු  ගැමුණුගේ  ඉතිරි වු තනි දළයද ඇතෙකු සමඟ සිදු වු රණ්ඩුවකින් පසුව කඩා ගෙන ඇති බව වන ජීවී නිලධාරියෙක් පැවසීය.

යාල වනයේ සිටින නන්දිමිත්‍ර ඇතා විසින් ගැමුණු ඇතාට පාහර දීම නිසා මෙම දළ කැඩි ඇති බව වන ජිවි නිලධාරියා පැවසීය.

එම රණ්ඩුවෙන්  පසුව  යාල වනයේ මාර්ගයක  වැටී  තිබිය දී  එම දළය සොයාගෙන ඇත. යාල සාෆාරි ජිප් රථ රියදුරකු විසින්  එය වනජිවි නිලධාරීන්ට බාර දී  ඇත.

 

( ගැමුණුට පහරදුන් නන්දි මිත්‍ර)