නල්ලූර් කොවිලේ පූඡාවට ලක්ෂයකට අධික බැතිමතුන්


(රොමේෂ් මධුෂංඛ)


යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පුඡාව සඳහා මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී  සිටිති.


නල්ලූර් දේව මෙහෙයන් වෙනුවෙන් ඉන්දීය පූජකවරුන් 500 කට අධික පිරිසක් මෙන්ම ඉන්දීය බැතිමතුන්ද 2000 කට අධික පිරිසක් පිරිසක්ද එක්ව සිටිති.


පසුගිය 15 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික පුඡාව ලබන  සැප්තම්බර් 10 වන දින දක්වා පැවත්වීමට පියවර ගෙන ඇති අතර 10 වැනිදා පැවත්වෙන විශේෂ පුඡාවෙන් නල්ලූර් උත්සවය අවසන් වෙයි.