නව ගුවන් හමුදාපති - අගමැති හමුවෙයි


 

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී. එල්. සුමංගල ඩයස් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (11) දහවල් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.  
 
මෙහිදී ගුවන් හමුදාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.
 
මෙම අවස්ථාවට අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය ආරක්ෂක සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය මහතා ද සහභාගී විය.
 
(ඡායාරූප - අගමැති මාධ්‍ය ඒකකය)