නව නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි


 

නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(04) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.       
  
නව ධුරයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව ඒ මහතා නිල වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු වූ අතර ඔවුහු එහිදී සමරු තිළිණ හුවමාරු කර ගත්හ.  
                                                  
(ඡායාරූප -  ඩික්සන් වසන්ත)