නව වසර සමරමින් අගමැති කතරගම පුදබිමට


(කේ. ඩී. දේවප්‍රිය)

උදා වූ නව වසර උදාව සමරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදෑසන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරතවූයේය.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ බුද්ධ පුජාමය පිංකමකට එක්වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට  පිං පැමිණවීමේ අවස්ථාවකට ද එක්විය.

අග්‍රාමාත්‍යවරයා කතරගම දෙවියන්ට පූජා පවත්වමින් ආශිර්වාද ලබාගත්තේය.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනන්දාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින්  ආගමික වතාවත් සිදුකරන ලදි.  

මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් හිටපු මහා අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ, මොණරාගල දිසා ලේකම් ඩී. එස්. පත්මාකුලසුරිය, හිටපු අමාත්‍ය ඒ. පී. ජගත් පුෂ්පකුමාර, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ නිලධාරීහු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.