නවතා තිබූ බසයක් මතට පලු ගසක් කඩා වැටෙයි


(රොමේෂ් මධුෂංඛ)

                

වව්නියාව සෙට්ටිකුලම් බස්නැවතුම්පලේ නවතා තිබූ බස් රථයක් මතට විශාල පලු ගසක් අද (16) උදෑසන කඩාවැටීමෙන් බස් රථයකට බරපතල හානි සිදුව ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

සෙට්ටිකුලම් බස්නැවතුම්පලේ පිහිටි විශාල පලු ගස එකවරම මෙලෙස කඩා වැටී ඇති අතර ගස කඩා වැටෙන අවස්ථාවේදී බස් රථයේ කිසිවෙකුත් සිට නොමැති බව පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලංගම් බස් රථයක් වන අතර බස් රථය සෙට්ටිකුලම් සිට වව්නියාව දෙසට ධාවනය කිරීමට සූදානමින් තිබූ බව කියයි.