නවම් පෝ දා ශ්‍රී මහා බෝධිය බැතිමතුන්ගෙන් පිරී යයි


(උපුල් තම්මිට)

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) අලුයම සිට අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමහා බෝධිය ඇතුලු අටමස්ථානය බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් අද දවස පුරා අටමස්ථාන කේන්ද්‍රකොට ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

පවතින කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන අටමස්ථානය වෙත පැමිනෙන බැතිමත්හු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වන්දනාමාන කටයුතුවල නිරතවී සිටියහ.අද අලුයම් ශ්‍රීමහා බෝසමිදුන් වෙත පිළිගැන්වූ කිරිපිඬු පූජාවෙන් අනතුරුව පෙහෙවස් සමාදන් වීම සදහා පැමින සිටි උවැසි උවැසියන් සිල්සමාදන් කෙරින. ඔවුහු මුඛ ආවරණ පැළද පෙහෙවස් සමාදන්ව සිටියහ.

ආරක්ෂක අංශ විසින් බැතිමතුන් සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව නිරන්තරවම අවධානයෙන් සිටින අයුරු මෙහිදී දක්නට ලැබින.