නාඋල පාසලක බඹර වදයක් කපා ඉවත් කරයි


 

(ඉන්දික අරුණ කුමාර)

නාඋල අධ්‍යාපන කලාපයට අයත් නාඋල - ශ්‍රී නාග ජාතික පාසලේ බැඳ තිබූ අවදානම් සහිත බඹර වදයක් කපා ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.
 
ශ්‍රී නාග ජාතික පාසල යනු පාසල් දරුවන් 2000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන ජාතික පාසලකි.
 
පාසල් නොපවත්වන සමයේ දී පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක බැඳ තිබු මෙම බඹර වදය ඉවත් කිරීම සඳහා විදුහල්පති ඩබ්ලිව්. පීරිස් මහතා ඇතුළු කණ්ඩායමක් පියවර ගෙන තිබිණි.
 
බඹර වදයේ සිටි බඹරුන්ට හානියක් නොවන පරිදි ඔවුන් ඉවත් කිරීමට එම පිරිස කටයුතු කළහ.