නාය ගිය කොච්චිපාරේ වැඩ අවසන් අදියරේ


(යොහාන් භාසුර)

මධ්‍යම පළාතට පසුගිය දිනවල ඇඳහැළෙන වාර්ෂාවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු වැටීමෙන්  සහ ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමේ කැඩී ගිය කොටස් යථා තත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අධියරේ  ඇතැයි  දුම්රිය දෙපාර්තමේන්තු නඩත්තු අංශය කියයි.

එම කටයුතු අවසන් වූ වහාම කොළඹ සිට බදුල්ල දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.  

මේ හේතුවෙන් දුම්රිය ධාවනය  ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ.