නාවලපිටිය නගරය තටාකයක් වෙයි


 


(රංජිත් රාජපක්ෂ)                       
 
මධ්‍යම කඳුකරයට අද (07) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවී, රථවාහන ගමනාගමනයට බාධා එල්ලවිය.
 
නාවලපිටිය බස් නැවතුම්පළේ සිට ගම්පොළ දෙසට මීටර් 500ක පමණ ප්‍රදේශයක් වැසි ජලයෙන් යටවී තිබුණි.
 
වැසි ජලය නිසි ලෙස කානු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් සුළු වර්ෂාවකදි පවා නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවන බව ජනතාව පවසති.