නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි


නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන්  අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පළමු වරට නිළ වශයෙන් අද  හමුවිය.

එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර සුහද සාකච්ඡාවක් පැවත්විණි. ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරි කාලයේදී තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ උපායමාර්ගික නව ජාත්‍යන්තර ඉඩප්‍රස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.  

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අභීතව කැපවූ දක්ෂ නාවික හමුදා නිලධාරීවරයෙක් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපති ධූරයට පත්වීම පිළිබඳව උණුසුම් සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, මෙරට සාගර ආරක්ෂාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය ලබාදීමට නාවික හමුදාපතිවරයාට සුබ ප්‍රාර්ථනා එක්කළේය.