නාවික හමුදාවෙන් විෂබිජහරණ කුටියක්


(ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරිම සදහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කරඇති බැව් නාවික හමුදාව පවසයි

විෂබීජ හරණ කුටිය මගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි.
 
මේ වන විට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන්ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටීන බව පෙන්වා දෙන නාවික හමුදාව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික පුද්ගයින් පිරිසක් විසින්  මෙම විෂබීජහරණ කුටිය නිර්මාණය කර ඇති බවද පවසයි.
 
දැනට නාවික හමුදා කඳවුරු කිහිපයකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් එක් යන්ත්‍රයක් නාවික හමුදා මූලස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවෙහිද ස්ථාපනය කිරීමට කටයුතුකර ඇති බවද නාවික හමුදාව පවසයි.
 
 නාවික හමුදා සමාජිකයින් රටේ පවතින වාතාවරණය මත අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමි‍ණීමේදී ඔවුන් විෂබීජ හරණය කර  සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් කඳවුර තුල පවත්වා ගැනීම තුලින් නාවික හමුදාවේ නිරෝගිමත් මානව සම්පතක් පවත්වා ගැනීමත් මෙවැනි අවස්ථාවක ඉතා අත්‍යාවශ්‍ය කරුණක් බවද නාවික හමුදාව පවසයි.
 
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව  මෙකි  විෂබිරහරණ කුටිය නිර්මානය කර  ඇත.