නිමක් නැති දුක් කඳුළු : කාට කියන්නද, කාට පෙනෙන්නද ?



අනුන්ගේ කුණුවලින් තමන් උපන් බිම පුරවනවාට විරුද්ධව වසර ගණනක් තිස්සේ විරෝධතා පැවැත්වූ ඔවුන්ට එකළ හිමි වූයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පමණි. ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබිණ. 

විසඳුම් සොයා ඔවූහු දේශපාලන බලධාරීන් වෙත ගියහ.දේශපාලන බලධාරීන් කීවේ පාර්ලිමේන්තුව නිවාඩු බවකි. අවුරුදු නිවාඩුවෙන් පසුව විසඳුමක් දෙන බවකි. එහෙත් අවුරුදු නිවාඩුව නිමා වීමටත් පෙරම ඔවුන්ගේ ජීවිත ගමන නිමා වී තිබේ. 
කුණු කන්දට එරෙහිව එදා සටන් කළ සටන් සගයෝ රැසක් අද වන විට කුණු කන්දක් යට මිහිදන් වී ගොසිනි.

දේශපාලන බලධාරීන්ට මේ තවත් එක් සිදුවීමක් පමණද. දේශපානඥයන් නම් ඔවුන්ට තිත්ත වී තිබේ. 

ඡායාරූප - ෂෙහාන් ගුණසේකර