නියඟයෙන් ගවයින්ගේ කොළ තණකොලත් කහ වෙයි


( රොමේෂ් මධුෂංඛ)

පවතින නියං තත්ත්වය ඉදිරි දිනවලද පැවතියහොත් සතා සිව්පාවුන් හට ආහාර සපයා ගැනීමට හා බීමට ජලය නොමැතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඉන් වැඩි අවධානමක් ඇත්තේ දහස් සංඛ්‍යාත වූ ගවයින්ට බවත් උතුරේ වැසියෝ පවසති.

පානීය ජලයත් කොල පැහැති තණකොලත් නොමැති වීමෙන් ගවයින් දහස් ගණනක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ඔවුහු කියති.

ස්වයං රැකියාවක් වශයෙන් ගව දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි විකිණීමෙන් උතුරේ විශාල පිරිසක් ජීවත් වෙති.