නිරෝධායන ඇඳිරි නීතිය නිසා නගර පාලුවෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (20) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් මේ වන විට මාර්ග, නගර සියල්ල පාලුවට ගොස් තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට පමණක් අවසර හිමිව ඇත.

මෙම නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා ආරක්ෂක අංශ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.

නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට ද යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.


(ඡායාරූප: ශාන්ත රත්නායක)

කොළඹ නගරය


රාගම නගරය (විමුක්ති එස් රුද්‍රිගු


(ඡායාරූප: ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල නගරය


(ඡායාරූප: තිලකරත්න දිසානායක)

ගම්පහ නගරය


කඩවත නගරය