නිල්දණ්ඩාහින්න-වලපනේ මාර්ගයට ගල් පෙරළෙයි


( රංජිත් රාජපක්ෂ )                         

නුවරඑළිය වලපනේ ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ  ඇද හැලුණු අධික වර්ෂාවක් සමග නිල්දණ්ඩාහේන වලපනේ ප්‍රධාන මාර්ගයේ පුස්සලපිටිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට ගල් කිහිපයක් අද  (28) පෙරලීමෙන්  එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රාගල කාර්යාලයේ නිලධාරින් සහ වලපනේ පොලිසියේ නිලධාරින් එක් ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල් වලින් කොටසක් ඉවත් කර එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැය තුනකට පසු  එක් මංතිරුවකට පමණක් සිමා කළේය.

ගල් කඩා වැටුණු ස්ථානය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව ලබාදෙන නිර්දේශ අනුව එම මාර්ගයට කඩා වැටි ඇති සෙසු ගල් ද ඉවත් කිරිමට පියවර ගන්නා බවයි රංජිත් අලහකොන් මහතා කියා සිටියේ.